• ඕස්ට්‍රේලියාවේ News Bargaining Code අලුත්ම වෙනස, 'ජනමාධ්‍ය යනු ඕස්ට්‍රේලියානු සමාජය නිර්වචනය කරන්නක්' -අගමැති
    May 3 2026
    ඔබ අද දවසේ ප්‍රවෘත්ති ගැන දැනුවත් වෙන්නේ කොහොමද? රූපවාහිනී, ගුවන්විදුලි, සහ පුවත්පත් වැනි සාම්ප්‍රදායික මාධ්‍යයන් ඔස්සේ ද? නැත්නම් ඇඟිලි තුඩක දුරින් තිබෙන සමාජ මාධ්‍ය ඔස්සේ ද? ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් නව නීති කෙටුම්පතක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු පුවත් සමාජ මාධ්‍යයන්ගේ පළ වනවා නම් ඒ වෙනුවෙන් වැඩි මුදලක් ගෙවන්න සමාජ මාධ්‍ය ආයතනවලට සිදු වේවි. නමුත් ජනමාධ්‍ය ආයතන සමඟ කුමනාකාරයේ හෝ ගිවිසුමකට එළඹිලා ඇත්නම් එවැනි මුදලක් ගෙවීම අවශ්‍ය නැහැ. මේ නව කෙටුම්පත පිළිබඳවයි අද දවසේ විශේෂාංගය.
    Show More Show Less
    6 mins
  • ඕස්ට්‍රේලියාවේ අනිත් Rental application වලට වඩා හොඳ අයදුම්පතක් හදල, ගේ ඉක්මනට ගන්න මේ දේවල් දැනගන්න
    May 3 2026
    ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තමාට කුලී නිවසක් සෙවීමේදී සලකා බැලිය යුතු දෑ සහ ඔවුන් කුලී නිවසකට අයදුම් කිරීමේදී තරඟකාරීව කටයුතු කලයුතු අයුරු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
    Show More Show Less
    12 mins
  • පුරවැසි අයිතීන් නොලැබුනත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් යුධ වැදි ඔස්ට්‍රේලියානු ස්වදේශික සොල්දාදුවන් පිලිබඳ කතාව
    May 3 2026
    පළමු ලෝක යුධ සමයේ සිට ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා සමග එක්ව හමුදා සේවයේ නිරත වී තිබෙනවා. අතීතයේදී ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන්ගේ අයිතීන් පිළිගැනීමට ඔස්ට්‍රේලියානු රජයන් කටයුතු නොකලත් ඔවුන් මේ ආකාරයට තම දායකත්වය ආරක්ෂක අංශ වෙත ලබා දී තිබෙනවා. තම පවුලේ සාමාජිකයින් හමුදා සේවයේ නිරතවීම ගැන මයිකල් බෙල් නම් වූ ස්වදේශික කාන්තාව සමග SBS මාධ්‍ය ආයතනයේ NITV නාලිකාවේ කෙරී ලී බැරී (Kerri-Lee Barry) සාකච්ඡාවක් පැවැත් වුවා. මේ හමුදා සෙබළුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සේවයේ නිරත උනත් ඔවුන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි පසුව ඔවුනට නිසි පිළිගැනීමක් නොලැබුණු බවට කරුණු හෙළිවනවා . මේ ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
    Show More Show Less
    9 mins
  • මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 27 - මැයි 01
    May 1 2026
    අප්‍රේල් 27වන දා සිට මැයි 01වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
    Show More Show Less
    6 mins
  • ඔස්ට්‍රේලියාව පුරා වෙසක් සැමරුම් පැවැත්වෙන්නෙ මෙහෙමයි!
    May 1 2026
    ඔස්ට්‍රේලියාව තුල මෙවර වෙසක් නිල සැමරුම් මැයි 01 වෙනි දා ට යෙදී තිබුණා. ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජයේ බහු සංස්කෘතික අමාත්‍යවරිය, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරයා, විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව මෙන්ම පාලක කම්කරු පක්ෂයේ නිල මුහුණුපොත ගිණුම් ඔස්සේ වෙසක් සැමරුමට සුබ පැතුම් එක් කර තිබුණා. SBS සිංහල සේවය ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය බෞද්ධ වෙහෙර විහාරස්ථාන වල සංවිධාන වන වෙසක් සැමරුම් පිළිබඳ සැකසූ මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.
    Show More Show Less
    11 mins
  • තරුෂි එක්ක තරු කතා: මම පැරෂුට් නළුවෙක් - බුද්ධික ජයරත්න
    May 1 2026
    ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
    Show More Show Less
    9 mins
  • ක්‍රීඩා විග්‍රහය: වෙනස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව / ඔලිම්පික් මුල් පුටුව අසංග සෙනෙවිරත්නට / රුමේෂ් සහ නිපුනි රනින් දිනයි
    May 1 2026
    මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
    Show More Show Less
    9 mins
  • මව්බිමෙන් පුවත්: වැඩ තහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාර සහකාර අධ්‍යක්ෂවරයා සැක කටයුතු ලෙස මිය යයි / ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැයි දින සැමරුම්
    May 1 2026
    මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
    Show More Show Less
    8 mins