சிங்கள மொழி - "தி இரண்டு சாலைகள்".mp3 cover art

சிங்கள மொழி - "தி இரண்டு சாலைகள்".mp3

சிங்கள மொழி - "தி இரண்டு சாலைகள்".mp3

Listen for free

View show details
Sinhala Language - "The Two Roads".mp3 / සිංහල භාෂාව - "ද මාර්ග දෙදෙනා".mp3 // ශුද්ධවර ජොහන් 1 - ධර්මයාණන් මිනිසත් බව ගැනීම1. ආරම්භයේ දී, ධර්මයාණෝ 1:1 වාක්‍යයාණෝ, වචනය තෙම සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක.2. ආරම්භයේ දී උන් වහන්සේ, දෙවියන් වහන්සේ සමඟ සිටි සේක.3. සියල්ල උන් වහන්සේ කරණකොටගෙන මවන ලදී; උන් වහන්සේ නොමැති ව මවන ලද කිසිවක් නො වී ය.4. උන් වහන්සේ තුළ ජීවය විය; ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය.5. ආලෝකය අන්ධකාරයෙහි බබළයි;අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය.6.. මතෙ 3:1; මාක් 1:4; ලූක් 3:1-2 දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය. ඔහුගේ නම ජොහන් ය.  7. ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි.  8. ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය.9. සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.10. උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක; ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය.එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ.11. උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.12. එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම්, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක.13. එසේ උපත ලැබූයේ, මානව සන්තතියෙන් වත්, කායික සබඳතාවෙන් වත්, මිනිස් පියෙකුගෙන් වත් නොව, දෙවියන් වහන්සේගෙන් ම ය.14. ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක.දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.15. ජොහන් උන් වහන්සේ ගැන සාක්ෂි දෙමින්, “මට පසුව එන තැනැන් වහන්සේ මට පෙර වූ බැවින්, මට වඩා උතුම් ය යි මා කීවේ මුන් වහන්සේ ගැන ය”යි මොරගසා කී ය.16. උන් වහන්සේගේ පූර්ණතාවෙන් අපි සියල්ලෝ ම වරප්‍රසාද පිට වරප්‍රසාද ලැබීමු.  17. කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.  18. කිසිවෙකු කවදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන්ගේ ළයෙහි වැඩවසන, උන් වහන්සේගේ එක ම පුත්‍රයාණෝ ම උන් වහන්සේ ප්‍රකාශ කර වදාළ සේක.
adbl_web_anon_alc_button_suppression_t1
No reviews yet